තම පුතාගේ පෙම්වතිය කෙළෙසූ පියෙක්.

ආණමඩුව, පෙරියකුලමේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් 18 හැවිරිදි වියේ පසුවන සිය පුත්‍රයා සමග විවාහවීමට අපේක්ෂාවෙන් සිටි 16 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කර තිබෙන බව වාර්තා වේ .

කුලී වැඩ කරමින් ජීවත් වූ 18 හැවිරිදි පුත්‍රයා අදාළ දැරිය සමග සිය පියාගේ නිවස ආසන්නයේ කුඩා නිවසකට පසුගියදා පදිංචියට පැමිණ තිබුණේ දැරියට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු විවාහවීමේ අපේක්ෂාවෙන් වන අතර ඒ වනවිට ඔහුගේ මවද ගැබ්ගෙන සිට තිබේ . ඔහු ඇයව දින කිහිපයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගොස් තිබූ අතර ඒ අතරතුර ඔහුගේ පියා වරින්වර දැරිය දූෂණය කර තිබේ . අනතුරුව ඇය තරුණයාට මේ පිළිබඳව දැනුම්දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (07) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව ද වාර්තා වේ .

Exit mobile version