අවුරුදු 10 හැවිරිදි තම මිණිබිරියට 90 හැවිරිදි ඇගේ මුත්තෙකු විසින් ලිංගික අතවර කර ඇති බව වාර්තා වේ.
පසුගිය 15 වැනිදා මෙම දැරිවිය තම මුත්තාට දිවා ආහාර රැගෙන තනිවම මුත්තාගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේදී මුත්තා විසින් තම මිණිබිරියව ලිංගිකව අපයෝජනය කර ඇති බව වාර්තා වේ. දැරිවිය මේ සම්බන්ධව තම මවට දැනුම් දී ඇති අතර මව විසින් ආරච්චිකට්ටුව පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු නල්ලදරන්කට්ටුව , වෙහෙරකැලේ පදිංචි අයෙක් බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වලින් හෙළි වී ඇත්තේ දැරිවිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට පත්ව ඇති බවයි.දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති බව කියයි.