තම සැමියාගේ පහර දීමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට .

කොස්වත්ත – කහටවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු මවක් තම සැමියාගේ පහර කෑමෙන් ජිවිතක්ෂට පත් වූ බව වාර්තා වේ .

මිය ගිය දෙදරු මව මීට මාස 2 කකට පමණ පෙර විදේශ ගතව සිට පැමිණ ඇති බව වාර්තා වේ. ඇය දුරකථනයෙන් වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් ඇතැයි සැමියා සැක කිරීම නිසා   දෙදෙනා දින කිහිපයක සිට බහින් බස් වී තිබු බව පොලීසිය සදහන් කරයි .

ඊයේ (23) දිනද මොවුන් දෙදෙනා බහින් බස් වී  ඇති අතර මෙම බහින් බස් වීම දුර දිග යාම නිසා සැමියා විසින් යකඩ පොල්ලකින් පහර දීමෙන්  මෙම ඝාතනය සිදු වී ඇති බව වාර්තා කරයි .  

ඝාතනයේ සැකකරු පොලීසිය විසින්  අත්තඩංගුවට ගෙන ඇති අතර ඔහු 47 හැවිරිදි පුද්ගලයෙකි.

Exit mobile version