තඹුත්තේගම කොල්ලය වැළකු පොලිස් සැරයන්ට උසස්වීමක්.

දේශපාලන හේතූන් මත ආණ්ඩු මාරුවීමත් සමගම තමන්ට අවශ්‍ය ලෙස ස්තානමරුවීම් සහ උසස් වීම් ලබා ගන්නා පොලිස් නිලධරීන් නිසා විනාශවෙමින් පවතින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවට කීර්තියක් ගෙන දීමට එක්තරා පොලිස් නිලධාරියෙක් පසු ගියදා සමත් විය. ඔහු සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම පාඩමක් කියාදෙමින් ගිනි අවි සහ ආයුධ අතැතිව සිටි මංකොල්ලකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට සමත්විය.

තඹුත්තේගම ප්‍රදේශයේ සිදුවීමට ගිය රුපියල් කෝටි දෙකකට අධික මුදල් කොල්ලය දිවි පරදුවට තබා වැළැක්වූ එම පොලිස් නිලධාරියා වන පොලිස් සැරයන් ඩී.ඒ.සී. බුද්ධික කුමාර මහතා අද (03) මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙන බව වාර්තා වන අතර පොලිස්පතිවරයා විසින් යෝජනා කර තිබු උසස්වීම අද පිරිනැමීමට නියමිත බව වාර්තා වේ. 

Exit mobile version