තරුණයෙකු කපා කොටා දාලා.

පුද්ගලයන් තිදෙනෙකු බොරැල්ල උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කඩා වැදී එහි සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බවට වාර්තා වේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ටී .ආර්.ප්‍රදීප් කුමාර (28) නැමැති තරුණයෙකි.

පුද්ගලික ආරවුලක් මුල් කර ගෙන සැකකරුවන් තිදෙනා ඊයේ (15) මෙම ඝාතනය සිදු කර ඇති බව සදහන්.

මෙම සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version