මන්නාරම නගරයට පිවිසෙන ප්රධාන පාලම අසල කලපුවේ තිබී සියදිවි හානිකරගත් බවට සැකකෙරෙන තරුණියකගේ මළසිරුරක් හමුව ඇත.
මෙම මළ සිරුර ඊයේ (13) දිනයේ හමුවී තිබූ අතර යාපනයේ පදිංචි 23 හැවිරිදි තරුණියකගේ බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව පොලිසිය සඳහන් කරන්නේ ඇය සිය පෙම්වතා සමග පසුගිය බ්රහස්පතින්දා දිනයේ මන්නාරම නගරයට පැමිණ ඇති අතර ඔහු සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සියදිවි හානිකරගෙන ඇ.ති බවට තොරතුරු අනාවරණය වූ බවයි.
මේ වන විට මෘත ශරීරය මන්නාරම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණපරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිතව ඇත.