තල් වලට වටිනාකමක්

මත්තල තල් සංවර්ධන මණ්ඩල පරිශ්‍රය නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර ගිය අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වූයේ
මෙරට තල් ගස් මිලියන 11 ක් තිබුණද, ඉන් සියයට 60 කින් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා බවයි.

වාර්තා වන ආකාරයට තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන ලද භාණ්ඩ රැසක් මෙහිදී ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙරට තල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළෙහි ඉහළ ඉල්ලුමක් පවතින බවත් විශේෂයෙන් මෙරට තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන තල් රා සහ තල් අරක්කු සඳහා කැනඩාවේ වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බව තල් සංවර්ධන මණ්ඩලය පවසා තිබේ.මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙරටට ලැබී ඇති ආදායම රුපියල් මිලියන 78ක් ලෙස වේ.

තවදුරටත් වාර්තා වන ආකාරයට පසුගිය යුද සමයේ උතුරේ තල් ගස්වලින් සියයට 30ක් පමණ විනාශ වූ බවත්, මේ වනවිට එම ප්‍රමාණයම නැවත වගා කළ බවත්, පසුගිය වසර 04 තුළ අලුතින් තල් ගස් ලක්ෂ 02ක් රෝපණය කිරීමට පියවර ගත් බවත් තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ පැවසීය. තල් ආශ්‍රිත නිෂ්පාදන ජනප්‍රිය කරවීම සඳහා මෙන්ම ඉන් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු කරන ලෙස ඇමැති මහින්ද අමරවීර තල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Exit mobile version