මෝටර් වාහන දෙකක් එකට එක හැප්පුණු විට දෙදෙනාම සමථ නොවීම හෝ මරණ හෝ රෝහල් ගතවීම් වැනි විවිධ අයුරින් නඩු පැවරීම සිදු වේ. සාමාන්‍ය රථ වාහන අනතුරකදී දෙදෙනා සමතයට පත් නොවීම හෝ දෙදෙනාගෙන් එක් අයෙකු රෝහල්ගත කිරිමත් ආදී ලෙස විවිධ හේතුන් නිසා නඩු පැවරීම් සිදුවන්නේ නිසි නීත්‍යානුකූල ක්රමයන්ට නොවන බවද නොරහසකි. එය සිදුවන්නේ අදාළ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ලෙසය. එහි සාධාරණ පොලිස් නිලධාරියෙක් සිටියහොත් පමනක් නිසි අකාරයෙන් කටයුතු සිදුවන නමුත් සෑම ස්ථානයකම, සෑම අවස්ථාවකම සාධාරණ, නීතිගරුක පොලිස් නිලධාරීන් සොයාගත නොහැක.
රථවාහන නඩුපැවරීම් එසේ සිදුවද්දී මෙම සිදුවීම වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව පොලීසියෙනි. මීට වසර දෙකකට පමණ පෙර ස්කූටර් වරයේ යතුරුපැදියකින් පැමිණි කාන්තාවක් එය පාලනය කරගැනීමට නොහැකිව ත්‍රීවීල් රථයක පසුපස ගැටී ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ කාන්තාව රෝහල්ගතකර ත්‍රීවීල් රථ රියදුරා අත්අඩංගුවට ගෙන නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර ඇප මත නිදහස් කර තිබේ. නමුත් අවුරුදු දෙකක් පුරා එම රියදුරා චුදිතයෙකු ලෙස අධිකරණය වෙත පැමිණියත් වෛද්‍ය වාර්තාව නොමැති බව පවසමින් චුදිතයාට නඩු පවරා නැත.
තබුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ 83/21 යටතේ පවරා ඇති මෙම නඩුවේ චුදිත තැනැත්තා විසින්ම අදාළ කාන්තාවට දුරකථන මාර්ගයෙන් කතා කර වෛද්‍ය වාර්තා රැගෙන අධිකරණයට පැමිණෙන ලෙස කල ඉල්ලීම මත එයද රැගෙන පසුගියදා අධිකරණයට පැමිණ තිබේ. අනතුරෙන් දින හතක ඇතුලත ලබා දී තිබෙන මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර නැති බවද මෙහිදී අනාවරණය වන්නේ චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ කරුණු දැක්වීමේදීය. මෙහිදී නඩුව අවසන් කරගැනීම සදහා රුපියල් 15000 ක් චුදිත ගෙවා ඇත්තේ වරදක් නොකළ බව කියමින් වන නමුත් තලාව පොලීසිය මගින් රියදුරු බලපත්‍රය ආදියද නැතිබව පවසමින් චුදිතට නඩුපවරා තිබේ. නමුත් විත්තියේ නීතිඥවරයාගේ කරුණු දැක්වීම මත පොලිසියට ගොස් ඒවා නිවැරදි කරගන්නා ලෙස නියෝග කර සංශෝධිත චෝදනා ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබේ.
එසේම මෙහිදී තලාව පොලිසිය මගින් වැරදි නඩු පැවරීම, දීර්ඝ කාලයක් තිස්සේ චුදිතට නඩු නොපැවරීම, කාර්යක්ෂම ලෙස කටයුතු නොකිරීම, පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් වන ලෙස කටයුතු ලකර තිබෙන අතර අදාළ කාන්තාවට එරෙහිව නඩු පවරා නොමැතිවීම යන වැරදි ඇතුළු නීති විරෝදී කටයුතු රාශියක් සිදුකර තිබේ. කෙසේ නමුත් අප මේ පිලිබදව තලාව පොලිසියෙන් විමසීමක් නොකලත් අදාළ කාන්තාව පවසන්නේ ඇයට විරුද්ධව නඩු නොපවරු බවයි.
මෙහි ඇති අනෙක් වරද නම් නිවැරදිව ගමන් කල රියදුරෙකුට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය නීතිය අවභාවිත කිරීමයි. පොලස් දෙපාර්තමේන්තුවට මේවා සාමන්‍ය දේවල් වුවත් මහජනතාවට මේවා ගැටලුය. එසේම පොලිසියට වැටුප් ගෙවන්නේ මෙවැනි අකාරයෙන් කටයුතු කිරීමට නොවේ. නීතියටම අනුව කටයුතු කලේ නම් අදාළ චුදිතට එරෙහිව කිසිදු නඩුවක් නොපැවරිය යුතුය. පොලිසියේ නීතිය නැමීම නිසා වැරදිකරු නිවසට වී සිටින්නේ මුදලකුත් අරගෙනය. නිවැරදිකරු තවමත් අධිකරණය වෙත යන්නේ අතින් මුදල් ගෙවාගෙනය.
මහජන මිත්‍රශීලී පොලිස් සේවයක් මෙන්ම කාර්යක්ෂම නීතිගරුක පොලිස් සේවයක් නොමැතිව ශ්‍රී ලංකාව නිසි දිශාවට රැගෙන යා නොහැක . මෙවැනි සිද්ධීන් දහස් ගනනාවක් පොලිස් දෙපාර්තමේන්තුව තුල සිදු වේ. නමුත් අහිංසක මහජනතාව නීතිය නොදන්නා නිසා මේ බහුතරයක් නොවූ නිලධාරීන් සමූහයක් මෙසේ මහජනතාව පිඩාවට ලක් කරයි.