තවත් ඖෂධයක් ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් .

දැනට රට තුළ භාවිත කෙරෙන Meropenem නැමැති ප්‍රතිජීවකයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවට සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා අද (12) අනාවරණය කළ බව වාර්තා වේ.

ඔහු පවසන්නේ එම ප්‍රතිජීවක අඩංගු කුප්පි තුළ වීදුරු කැබලි හමුවීමේ සිද්ධි වාර්තාවී ඇති බවයි.

එම Meropenem නමැති ප්‍රතිජීවකය ඇති බහාලුම් පිළිබඳ පවසමින් ඔහු හෙළිකළේ එම ප්‍රතිජීවකය සැපයූ සැපයුම්කරු මින් පෙර ගෙන්වූ ඖෂධ තොගය තත්ත්වයෙන් අසමත්වී ඇති බවයි.

Exit mobile version