තවත් කාලයකට වාහන ආනයනයට අවසර නෑ.

විදේශ විනිමය සීමා ලිහිල් කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරියේදී අදියර වශයෙන් දැනුම් දෙනු ඇති බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසූ බව වාර්තා වේ.

පවතින විදේශ විනිමය අර්බුදය තුළ ආනයන සීමා ලිහිල් කිරීම සූක්ෂම ලෙස කරන බවටද අමාත්‍යවරයා පවසා තිබේ.

තව කාලයකට මෝටර් වාහන ආනයනය කිරිමට හැකියාවක් පවතිනු ඇතැයි තමන් නොසිතන බවට මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Exit mobile version