බ්‍රිතාන්‍ය විසින් තවත් සුවිශේෂී කොවිඩ් එන්නතක් හඳුන්වා දීම සඳහා පියවර ගෙන ඇත.
මෙම නව කොවිඩ් එන්නත තුළින් කොරෝනා වෛරසයේ මූලික ප්‍රභේදය පමණක් නොව ඔමික්‍රෝන් ප්‍රභේදය ද පාලනය කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ.
මේ අනුව බ්‍රිතාන්‍ය මෙවැනි කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය ලද ප්‍රථම රට බවට පත්ව ඇත.
මොඩර්නා සමාගම මගින් නිපදවන ලද එම එන්නත සඳහා බූස්ටර් එන්නතක් ලෙස වැඩිහිටියන් සඳහා අනුමැතිය ලබා දුන් බවයි බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය ප්‍රකාශ කරන ලද්දේ.
සායනික පරීක්ෂණ වල ප්‍රතිඵලයක් මත පදනම්ව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.