තවත් කොවිඩ් මරණ 21ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 21ක් තහවුරු කර ඇත.

මෙම මරණ ඊයේ (14) දිනයේ සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එමෙන් ම මෙම මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මෙරටන් වාර්තා වී ඇති සමස්ත‌ කොවිඩ් මරණ සංඛ්‍යාව 14,016ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version