තවත් කොවිඩ් මරණ 23ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 23ක් තහවුරු කර ඇත.

එම මරණ ඊයේ (13) දිනයේ දී සිදුව ඇති මරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මියගොස් ඇති පුද්ගලයින් අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු වන බව වාර්තා වේ.

මෙම මියගිය පිරිස ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 13,995කි.

Exit mobile version