තවත් කොවිඩ් මරණ 23ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 23ක් තහවුරු  කර ඇත.

මෙම මරණ ඊයේ (16) දිනයේ දී වාර්තා වූ ඒවා බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මෙම මරණ 23 අතර කාන්තාවන්  10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වි ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,057ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version