තවත් කොවිඩ් මරණ 26ක්

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 26ක් ඊයේ (30) දිනයේ දී තහවුරු කර ඇත.

මෙම මියගිය පිරිස අතර කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු වන බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,372ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version