ඊයේ (30) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 58ක් තහවුරු කර ඇත.
ඊයේ දිනයේ තහවුරු කරන ලද මරණ 58 ද සමග මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,964 ලෙස ඉහළ ගොස් ඇත.
ඊයේ දිනයේ මියගිය පිරිස අතර 31 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 27 දෙනා කාන්තාවන් වේ.
වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් 48 දෙනෙකු සහ වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 10 දෙනෙකු වන අතර වයස අවුරුදු 30ට අඩු කිසිවෙකු වාර්තා වී නැත.