කොළොන්නාව හා මුතුරාජවෙල ප්රධාන තෙල් ගබඩා 2න් අද දිනයේදී කොළඹ ඇතුලු ප්රදේශ වෙත අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.
එහි සභාපති සභාපති විශ්රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව් ද සොයිසා සදහන් කරන පරිදි ලබා දී ඇති ඇනවුම්වල ඉන්ධන තොග ප්රමාණයද ඉක්මවා ඉන්ධන ලබා දීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය හෙට දිනයේදී මෙරටට ලැබීමට නියමිත අතර ඩීසල් මෙට්රික් ටොන් 40,000 කට ආසන්න තොගයක් එලෙස ලැබීමට නියමිතව තිබේ.