තවත් දේශපාලන පෙරලියක් !. “මග හිටියොත් තෝ නසී – ගෙදර ගියොත් අඹු නසී”. සජිත් ඩලස්ගේ යටතට.

හෙට ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වීම සදහා තුන් කොන් සටනක් බිහිව තිබේ. ඒ රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායක වේ.

අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ  නම යෝජනා කරන ලද්දේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  වන අතර එය ස්ථීර කරනු ලැබුවේ මහාචාර්ය ජී. එල් පීරිස්  මහතාවිසිනි.

ඉන් පසු ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූ අතර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රනිල් වික්‍රමසිංහගේ නම ස්ථිර කළේය.

ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායක මහතාගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් මහතා පැවසූ අතර හරිනි අමරසූරිය මහත්මිය  එම යෝජනාව ස්ථිර කළේය.

රහස් චන්දය හෙට පවත්වනු ඇත. කවුරු ජනාධිපති වුවත් ඔහුට අභියෝගයක් තිබේ. ඒ රට ගොඩනැගීම සදහා පුටුවෙන් නැගිට, සීත කාමරෙන් එලියට ඇවිත් ප්‍රායෝගිකව කටයුතු කිරීමයි. පත්වන ජනාධිපතිට එය කරගැනීමට නොහැකි වුවහොත් ඔහුත්, ඔහුගේ නමින් බිහිවන ආණ්ඩුවේත් අවසානය වේ. එබැවින් හෙටින් උදාවන යුගය තුලින් බිහිවන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ තීරනාත්මක ආණ්ඩුවක් වනු ඇත. කෙසේ නමුත් බුද්ධිමත් මෙන්ම දෙපයින් නැගී සිටිය, සියලු දේ දත් පුද්ගලයෙකු හෙට ජනාධිපති නොවුවහොත් වැඩි දවසක් නොගිහින් ඔහුටද ජනාධිපති දුරයෙන් බැස යාමට සිදු වේ.

මෙහිදී සජිත් බුද්ධිමත් තීරණයක් ගෙන තිබේ. ඔහු දේශපාලන අනාගතය මෙන්ම වර්තමානය ඉල්ලන සර්වපාක්ෂික මොඩලයට ඇතුලත්ව තිබේ. රනිල් ද එයම කරතිබේ. නමුත් ඔහුට තිබෙන්නේ එක් ආසනයකි. ඔහුටත් තවත් මන්ත්‍රීවරු 10 ක් වත් සිටියේ නම් සර්වපාක්ෂික මොඩලය තුල ඔහුද සාර්ථක විය හැකිව තිබේ.

එබැවින් හෙට පත්වන ජනාධිපති ඉල්ලන් කෑමක් විය හැකිය. එය මරනයට අත වැනීමක් වැනිය. රනිල් වික්‍රමසිංහ මහතා පත් වීම දිගින් දිගටම අරගල පැවතීමක් විය හැකිය. එහෙත් පවතින ප්‍රශ්නවලට ක්‍රමක්ක්‍රමයෙන් පිළිතුරු ලබා දීමෙන් ගැටළු කාරී තත්වයන්ට සාර්ථකව මුහුණ දිය හැකි වනු ඇත.

එසේම ඩලස් හෝ අනුව ජනාධිපති වීමෙන් අරගල ටික කලකට නවතිනු ඇත. එහෙත් ගැටලුවලට පිළිතුරු දීමට නොහැකි වුවහොත් ගෝඨාභයටත් වඩා ඉහලින් උද්ඝෝෂණ රැල්ලක් එනු ඇත. එබැවින් හෙට තිබෙන්නේ පත්වන ජනාධිපතිවරයා යටතේ බිහිවන රජයේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් නිසි ලෙස වැඩ කල යුතුව තිබේ.   

බොහෝ විචාරකයන්ගේ මතය නම් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වනු ඇති බවයි. කෙසේ වෙතත් හෙට පවතින්නේ රහස් චන්දයකි. එහි ප්‍රතිපල එන තෙක් කිසිවක් කිව නොහැක. කවුරු ආවත්, ඔහුට වැඩ කිරීමට සිදුවන්නේ දූෂිත රාජ්‍ය සේවකයන් ඇතුළු දූෂිත ප්‍රජාවන් සමගය. එබැවින් ඔහුගේ ජනාධිපතිකම ද ගැටළු රාශියකින් පිරි පවතිනු ඇත.

Exit mobile version