රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතා සහ එම දිස්ත්‍රික්කයේම ඕපනායක ප්‍රාදේශීය ලේකම් ධම්මික සතරසිංහ යන මහත්වරුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ “පූල්” එකට නොහොත් සංචිතයට කැඳවා තිබේ. ඒ කිසිම චෝදනාවක් නොමැතිවය.
ධම්මික සතරසිංහ කිරිඇල්ලට සහ අනුරාධ ජයකොඩි මහතා ඇඹිලිපිටියට වාර්ෂික ස්ථානමාරු ඉල්ලා තිබෙන නමුත් ඔවුන්ට එම ස්ථානමාරු ලබා නොදීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා තීරණය කර තිබේ. මෙම ස්ථානමාරු පිළිබඳව අප වාර්තා කලේ පසුගිය වර්ෂයේමය. රත්නපුර දිස්ත්‍රික්කයේම ධම්මදින්න සහ සේනිද්ද නැමති අබෞද්ධ භික්ෂුන් දෙදෙනකුගේ තර්ජනයන් පිලිබඳවද, එම තර්ජනයන් වලට අනුව ඔවුන් කියූ දේවල්ද අප වාර්තා කර තිබේ. එම වාර්තා සියල්ලම ඔබට පහතින් කියවිය හැකිය.
එසේම මෙම ස්ථානමාරු දෙකේ ඉලක්කය වන්නේ තව මාස කිහිපයකින් පැවැත්වීමට යෝජිත රත්නපුර මහා සමන් දේවාලයේ නිලවරණය යි. පසුගිය දා පැවති බලන්ගොඩ බෝල්තුෙඹි පැරණි රාවනා දේවාලය නොහොත් වර්තමාන ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණය මෙම සිද්ධියට මුල් විය . එහිදී පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය අප වාර්තා කර තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අල්ලස් බෙදා දීම සඳහා මුදල් රැගෙන ගිය පුද්ගලයා ලෙසය. බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම්ව සිටි WHMBS බණ්ඩාර මහතාට ලක්ෂ 7.5 ක මුදලක් අල්ලස් ලෙස බලෙන් ලබා දුන් බවද, අප වාර්තා කළේය. පසුව ඒ මහතා එම මුදල් නැවත බාර දී තිබිණි. නමුත් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව මේ වන තෙක්ම කිසිදු විමර්ශනයක් පැවත්වීමට කටයුතු යොදා තිබෙන බවක් අපට වාර්තා වන්නේ නැත. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනක් ඉවත්කිරීමෙන් අනෙක් කණ්ඩායමට තම ඉලක්කය කරා පහසුවෙන් ලඟා විය හැකි යැයි ඔවුන් විශ්වාස කරන්නේය. ඒ රතනපුර රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණය යි. බලන්ගොඩින් පරාජයට වූ ඔවුන්ගේ ඉලක්කය වන්නේ , රත්නපුර ,මහා ස්දමන් දේවාලයේ බාරකාර තනතුර කෙසේ හෝ ලබා ගැනීමටයි. ඒ වෙනුවෙන් රත්නපුරේම දේශපාලඥයන් මැදිහත්ව සිටි.
එසේම ඉදිරියේ පැවැත්වීමට යෝජිත රත්නපුර මහා සමන් දේවාලයේ නිලවරණයෙන් දුෂිත භික්ෂුන්ගේ සහ දියවඩන නිලමේවරයාගේ පාර්ශ්වය දිනවීමට අවශ්‍ය නම්, රත්නපුරෙන් පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනෙක් ඉවත්කිරීමට සිදු වේ. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුම්බුර මහතාටද මෙහි චෝදනා එල්ලව තිබේ. කෙසේ නමුත් ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ඒවා ප්‍රතික්ෂේප කරන ලදී.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාටද ලක්ෂ 20 ක් අල්ලස් මුදලක් ගත් බවටද චෝදනා එල්ලවිය. අප එයද වාර්තා කර තිබේ. කෙසේ නමුත් ඔහුටද එම චෝදනා එල්ලවන්නේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා නිසා බවද අප වාර්තා කළේය. මේ සියල්ලම අප මීට පෙරම වාර්තා කළේය. ඒවා වාර්තා කිරීම සඳහා අපට අවශ්‍ය සියලුම සාක්ෂි අප ලබාගෙන තිබේ. එසේම ඒවා වැරඳි බවට කිසිවෙකුත් මේ වන තෙක්ම අපට දන්වා නැත. අපගේ පුවත් වැරඳි නම් අපට ඒවා දැනුම් දෙන ලෙස ඉතාම පැහැදලිවම සියලුම පුවත්වලට යටින් සඳහන් කර තිබේ.
එවන් පසුබිමක් තුල, මෙම ලේකම්වරුන් දෙදෙනා සමඟ අනෙකුත් ප්‍රාදේශීය ලේකම්වරුන් හත් දෙනාම ගැමුණු වලිසුන්දර නමැති, බලන්ගොඩ බෝල්තුෙඹි පැරණි රාවනා දේවාලය නොහොත් වර්තමාන ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස තේරුණු පුද්ගලයාගෙන් කිසිදු මුදලක් අල්ලසක් ලෙස හෝ වෙනත් කිසිම අයුරකින් ලබා නොගත් බවද අප මීට පෙරම ලියා තිබේ. එසේම නව බස්නායක නිලමේවරයාගේ දුෂිත චරිත විස්තරයද අප ඒ අයුරින්ම ලියා තිබේ. එසේම ඔහු සමඟ නිලවරණයට පෙනී සිටි අනෙක් පාර්ශ්වයන්ද, ප්‍රාදේශීය ලේකම්වරුන් මුදල් ලබා ගත් බවට චෝදනාවක් ඉදිරිපත් නොකළේය.
කුරුණෑගල, බදුල්ල මෙන්ම මහනුවර යන දිස්ත්‍රික්කවලද තිබෙන ප්‍රධාන දේවාලවල තිබෙන නිලවරණයන් වලදී ප්‍රාදේශීය ලේකම්වරුන් මුදල් ලබා ගත් ආකාරය අප මීට පෙර අවස්ථාවලදී නම් වලින්ම පළකර තිබේ. එවන් පසුබිමක් නොහොත් ලක්ෂ ගණන් මුදල් ගැවසෙන බස්නායක නිලමේ නීලවරණවලදී , රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් කිසිඳු මුදලක් නොගෙන කටයුතු කිරීම යනු රාජ්‍ය පරිපාලන සේවය නව දැක්මක් වෙත ගමන් කිරීමේ ආරම්භයක් විය හැකිය . විය යුත්තේද එයමය. අපට රටක් අවශ්‍ය වේ. නමුත් දුෂිත නිලධාරීන් සමග එය කල නොහැක. එසේ නම් නව පරපුරේ පරිපාලන ලේකම්වරුන් හෝ එම දුෂිත ක්රමයන් එකින් එක වෙනස් කරන්නේ නම් අප ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එය මාධ්‍ය මෙහෙවරට එහා ගිය පුරවැසි අයිතිවාසිකමකි. එබැවින් පුරවැසියන් ලෙස අප මෙම ක්‍රියාව කිසි සේත්ම අනුමත නොකරන්නේ , එය වරදක් බැවිනි.
මෙම සිදුවීමට අදාලව අප මුල සිටම වාර්තාකළ සියලුම පුවත්, ඔබට පහත පුවත්වලට උඩින් තට්ටු කිරීමෙන් පිවිසිය හැකිය. නොදන්නා අයට එම සියලුම සිදුවීම් කියවිය හැකිය. රැල්ලට නොව බුද්ධියෙන් විමසන්න.