තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
කළුතර දිස්ත්රික් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සමරසිංහ මහතා එසේ ඉල්ලා අස්වී ඇත.
එසේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව මේ වන විට පුරප්පාඩු වී පවතින ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස මහින්ද සමරසිංහ මහතා පත්වීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු භාර දීමට ඔහු සැලසුම් කර ඇති අතර ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්රී ලංකාව නියෝජනය කරමින් රාජ්ය තාන්ත්රික සේවාවල නිරත වී ඇති වී සිට ඇත.