තවත් පුරාවිද්‍යා වස්තුවක් මංකොල්ලා කයි.

අනුරාධපුර, මැදවච්චිය පොලිස් බලප්‍රදේශයට අයත් කටුවෙල මෙත්තජි පුරාණ රජමහා විහාරස්ථානයේ තිබී ඇති වසර 1200 ක් පමණ පැරණි ෙඑතිහාසික වටිනාකමක් තිබු කිරිගරුඬින් නිම වූ කිලෝ 300 ක් පමණ බරැති සිරිපතුල ඊයේ සිට අතුරුදන් වී ඇති බව මැදවච්චිය පොලීසියෙන් වාර්තා වේ.

සිරිපතුල සොර ගත අයෙකු පිළිබදව කිසිදු තොරතුරක් මේ වන තෙක්ම ලැබී නැති අතර මෙම සිරිපතුල අඩි දෙක හමාරක් දිගින් සහ අඩි දෙකක් උසින් යුක්ත බවද, එහි ලියවැල් කොටා තිබු බවද කටුවෙල මෙත්තජි පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය තෝනිගල සීලරතන හිමියන් විසින් පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධව මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. අයි. බි රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

රාවණා සටහන

වර්තමාන පුරාවිධ්‍යා අධ්‍යක්ෂකගේ වරදින් බොහෝ තැන්වල මෙසේ විවිධ පුරාවස්තූන් විනාශ වෙමින් පවතී. ඔහු තමන්ගේ රාජකාරිය නිසි ලෙසම ඉටු කරන්නේ නම් මෙවැනි කටයුතු සිදු නොවන අතර කොටවෙහෙරේ සිද්ධිය වී ටික දිනකින්ම තවත් එවැනිම සිද්ධියක් සිදු වීම කණගාටුවට කරුණකි. රට පුරාම නිධන හැරීම්, පුරාවිද්‍යා ස්ථාන විනාශ වීම්, වාර්ථා වුවද අඩුම තරමින් තිබෙන වස්තූන් රැක ගැනීමටවත් ඔහුට අවශ්‍යතාවයක් නැත. අඩුම තරමින් පොලිස් පරීක්ෂන සදහාවත් සහාය නොදෙන වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා වර්තමාන ලෝකයේ අපකීර්තිමත්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් විය හැකිය. ඔහුගේ රාජකාරිය පැහැර හැරීම් ගණනාවක් අප සතුය.

Exit mobile version