අද (10) අලුයම වන්දනා නඩයක් රැගත් බස් රථයක් අඹන්පොළදී අනතුරට ලක්ව තිබේ . නවතා තිබු කන්ටේරනයක ගැටීමෙන් මෙය සිදුව තිබේ.
මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 32 හා 71 වයස්වල පසුවූ තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
වාර්තාවන ආකාරයට කාන්තාවන් 06ක් හා පිරිමි පුද්ගලයෙකු අඹන්පොළ රෝහලටත්, කාන්තාවන් 18 දෙනෙකු හා පිරිමි 04 දෙනෙකු ගල්ගමුව රෝහලටත් ඇතුළත් කර තිබේ.