තවත් මාරාන්තික කොරෝනා ප්‍රබේදයක්

කොරෝනා වෛරසයේ අලුත්ම ප්‍රබේදයක් ලෙස හදුන්වන R- 1 ප්‍රභේදය මේ අවුරුද්දේ මාර්තු මාසයේදී එක්සත් ජනපදයේ කෙන්ටකිහි  සාත්තු නිවාසයකදී සොයා ගන්නා  ලදී.

මෙම සාත්තු  නිවාසයේදී එන්නත් නොකළ එක් රෝගියෙකුද, එන්නත් කල රෝගීන් දෙදෙනෙකුද මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන්  කර තිබෙනවා. එසේම එම ප්‍රදේශයේ එන්නත් කල පදිංචිකරුවන්ගෙන් හතරෙන් එකකට එය අසාදනය කිරීමට සමත්ව තිබේ.

 COVID-19 පර්යේෂකයෙකු සහ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙකු වූ ආචාර්ය විලියම් හෙසෙල්ටයින් ෆෝබ්ස් සගරාවට ලිපියක් ලියමින් සදහන් කර තිබෙන්නේ ආර්. 1 මඟින් “ ප්‍රතිදේහ වලට ප්‍රතිරෝධය වැඩි කිරීමට ” හේතු විය හැකි බවය. එසේම පසු ගිය බදාදා වන විට ලොව පුරා ආර්. 1 රෝගීන් 10,000 කට වඩා සිටින බව සදහන් කර තිබේ.

William Haseltine, Ph.D.

Exit mobile version