තවත් යූරියා තොගයක් දිවයිනට

ඉන්දීය ණය සහනාධාර යටතේ මෙරටට හිමි වූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස ගොඩබෑම මේ වන විට ආරම්භ වී ඇත.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙට්‍රික් ටොන් 21,000ක තොගයක් මෙරටට ලැබී ඇති බවයි.

ලබන සතියේ සිට අදාළ පොහොර තොගය බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව ද වාර්තා වේ.

මේ අනුව  ඉන්දීය ණය සහනාධාර යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිත අතර ඉන් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 44,000ක ප්‍රමාණයක් රැගත් නෞකාවක් පසුගියදා මෙරටට පැමිණියේ ය.

එසේ රැගෙන ආ පොහොර සියල්ල මේ වන විටත් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීම සිදු කරයි.

Exit mobile version