තවත් රිය අනතුරක් පදිකයින් දෙදෙනෙකු අහිමි කරයි.

අද (25) අලුයම් කාලයේ ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රධාන මාර්ගයේ ඉලුක්කැටිය ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අනතුරට ලක්කරමින් මෝටර් රථයක් පලාගොස් ඇති බව වාර්තා වේ .

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයින් තිදෙනාව ඇඹිලිපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා සහ කාන්තාවක් මියගොස් ඇති බව සඳහන් .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 සහ 71ක් හැවිරිදි දෙදෙනෙකි.

පොලීසිය ප්‍රකාශ කළේ අනතුර සිදුකර පළාගිය මෝටර් රථයේ රියදුරු සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි.

Exit mobile version