තවත් ශ්‍රී ලාංකිකයෙකු සීෂෙල්ස්හිදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙම ශ්‍රී තාංකිකයා 47 හැවිරිදි වියෙහි පසු වූවෙක් වන අතර සීෂෙල්ස්හි ලාඩ්ගු දූපතේ ඉදිකිරීම් සමාගමක සේවය කළ අයෙක් වන අතර ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ශ්‍රී ලාංකිකයා පසුගිය දෙසැම්බර් 10 වනදා නිවස තුළ මියගොස් සිටිය දී එරට පොලිසිය විසින් සොයාගෙන ඇත.
ඔහු සේවය කළ සමාගමේ නිලධාරියෙකු විසින් ඔහු දින කිහිපයක් සේවා ස්ථානය වෙත වාර්තා නොකළ හෙයින් ඔහු නැවතී සිටි නිවස වෙත ගොස් ඇති අතර එහිදී මෙම ශ්‍රී ලාංකිකයා සිය කාමරය තුළ වැටී සිටින අයුරු දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇත.
පොලිසිය විසින් සිදුකළ පරීක්ෂාවේ දී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවට සනාථ වී ඇති අතර පසුව සිදුකරන ලද මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ගෙල සිරවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට මෙම ශ්‍රී ලාංකිකයා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති නමුත් මේ වන තෙක් කිසිදු සැකකරුවෙක් හඳුනාගෙන නොමැති බවයි.