හෙට (04) දිනයේ මෙරටට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් ලැබීමට නියමිතය.
දිනක් තුළදී මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බවටයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ.
මේ වන විට චීනය විසින් මෙරටට එන්නත් මාත්‍රා මිලියන 22ක් ලබා දීමට පියවර ගෙන ඇති බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ එන්නත් බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු පිලිබඳව අද (03) දිනයේ කොවිඩ් කමිටු රැස්වීමේ දී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඔහු සඳහන් කරන්නේ එන්නත්කරන වැඩසටහන සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණහොත් ඔක්තෝබර් මස අවසාන වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබෙණු ඇති බවයි.