තවත් ස්පුට්නික් මාත්‍රා තොගවයක් දිවයිනට.

අද (31) අලුයම ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින් තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

මෙම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙන විත් ඇති අතර එරට සිට අදාළ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත.

අනතුරුව මෙම එන්නත් තොගය විශේෂ ශිතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩාවට රැගෙනවිත් ඇත.

Exit mobile version