තවත් සැකකරුවන් පිරිසක් යුක්තියට කොටු.

යුක්තිය මෙහෙයුම යටතේ අද (04) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වල දී සැකකරුවන් 660 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 552 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 108 දෙනෙකු මෙහි දී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේය.

මෙහෙයුම්වල දී හෙරොයින් ග්‍රෑම් 152ක්, අයිස් ග්‍රෑම් 134ක් ඇතුළු මත්ද්‍රව්‍ය එහි දී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 552 දෙනා අතරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 01ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 03ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 108 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ ව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 08ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 95ක් ද සිටින බව ය.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 02ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03ක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version