තවත් සැකකරුවන් පිරිසක් යුක්තියට කොටු.

ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුම යටතේ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 838ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඊට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 549ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 289ක් ඇතුළත් වේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 549 දෙනා අතරින් සැකකරුවන් 05කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 10ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බව සදහන්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 289 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධ විවෘත වරෙන්තුකරුවන් 246ක් ද සිටින බව වාර්තා වේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට නොගෙන සිටි සැකකරුවන් 05ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03ක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙහෙයුම්වලින් සොයා ගත් මත්ද්‍රව්‍ය,

හෙරොයින් 211gයි
අයිස් 78gයි   
ගංජා 16kg 600gයි 
ගංජා පැළ 9,974යි
මාවා 493gයි  
මදන මෝදක 36gයි
මත්පෙති 1,192යි

Exit mobile version