සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් පවසා සිටියේ වැළිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් එහි වහලය මත නැග විරෝධතාවයක් ආරම්භකර ඇත්තේ ආණ්ඩුව දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමේ සූදානමක් ඇති බවට ලද තොරතුරු මත බවයි.
ඊයේ (20) දිනයේ දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර ඇත.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවට දීර්ඝ කාලයක් සිරගත කර සිටින සාමාන්‍ය සිරකරුවන්ට නිදහස ලබා දීමට ආණ්ඩුව විසින් පියවර ගත යුතු බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් මහතා ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර සමගි ජලබලවේගය විසින් පවසා ඇත්තේ ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයේ දී රැඳවියන් බියගැන්වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට නියමිත බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් එල්ලවන බවට සැක මතුවන බවයි.
අදාළ සිද්දීය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ලබාදෙන සාක්ෂි පිළිබඳව දැඩි අවධානයක් යොමුවිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ.