මෙරට එන්නත්කරණය වෙනුවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා 76, 000ක තොගයක් අද (23) උදෑසන මෙරටට ගෙනැවිත් තිබෙන අතර එය රැගෙන විත් තිබෙන්නේ කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගිනි.
එසේම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් හෙට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇත.
තවත් එන්නත් මාත්‍රා මිලියන දෙකක් අගෝස්තු මාසය අවසන් වීමට පෙර මෙරටට ලැබීමට නියමිත බව ද මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.
මේ වන විට චීනය විසින් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 13.98ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 95% ක ප්‍රතිශතයක් බවත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.
මේ අතර මෙතෙක් එන්නත් ලබා නොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් පිළිබඳව අද දිනය ඇතුළත තොරතුරු ලබා ගැනීමට රජය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද වාර්තා වේ.
මේ අතර පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ හෙට (24) දිනයේ සිට සතියක කාලයක් ගැබිනි මවුවරුන්ට ද එන්නත් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.