ෆයිසර් එන්නත් මාත්‍රා 11,47,770ක තොගයක් ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන ඇති අතර එම තොගය අද (28) අලුයම මෙරටට රැගෙනවිත් ඇත.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය අද අලුයම 12.29ට පමණ මෙරටට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
රැගෙන ඒමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශිතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එම එන්නත් තොග කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණ වෙත රැගෙන ගොස් ඇත.