පසුගිය දා අපේ රටේ පුංචි මල් කැකුළු ඔවුන්ගේ ජීවිතේ පළමු එක් කඩයිමක් වන ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ලදී.මෙහිදී ආර්ථික ප්‍රශ්න හමුවේ තෙරපෙමින් ,ඇතැම් ළමුන් හරියට කුසට අහරක් පවා නොමැතිව මෙම කඩයිමට මුහුණ දෙන අතර තුරදී තවත් සිසුන් පිරිසක් ගුරුවරුන්ගේ වෙනස්කම් මධ්‍යෙය් පීඩාවට පත් වෙමින් ද විභාගයට පෙනී ිටින ලදී.
පසුගිය කාල වකවානුව තුළ අප විසින් අනාවරණය කරන ලද මැණික්හින්න විදුහලේ සිදුවීම සම්බන්ධයෙන් තවත් අනාවරණයක් මේ වන විට සිදුව තිබේ.ඒ පසුගිය කාලය තුළ දී මැණික්හින්න පාසලේ ගුරුවරියක් ශිෂ්යෙයක්ට පහරදීමේ ගැටලුවක් කේන්ද්‍රකර ගනිමින් වූ සිදුවීමට සම්බන්ධ දරුවන් ද මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් වීමයි.
දරුවෙක් විභාග කඩයිමක් සඳහා පෙනී සිටින අවස්ථාවකදී සෑම ගුරුවරයෙක්ම මවක්ම පියෙක්ම සිදු කරන්නේ එම දරුවාගේ මනස හැකි තරම් නිරවුල්ව තිබීමට කටයුතු කිරීමයි.නමුත් මෙහිදී මෙම මැණික්හින්නේ ගුරුවරුන් එක්ව සිදුකර ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි.
මෙම පාසලේ ගුරුවරුන් විසින් මෙම සිදුවීමට සම්බන්ධ ළමුන් සියල්ල වෙන්කර අනෙක් සිසුන්ට ආශිර්වාද පූජාවක් සිදු කිරීමට කටයුතු කර තිබේ.මෙවැනි තත්ත්වයක් තුළදී පුංචි පැටව් කොමපණ මානසිකව ඇද වැටෙන්නට ඇද්දැයි දරුවන් සමග කටයුතු කරන දරුවන් පිළිබඳව හොඳින්ම හඳුනන මේ ගුරුවරුන්ට නොතේරුනේ මන්ද.
පැරැන්ණන් කතාවට කියන්නේ මවට පියාට පසුව දරුවන් ගැන හොඳින්ම දන්නා පිරිස ගුරුවරුන් බවයි.නමුත් අද වන විට එය සැබෑවක් ද කියා සැක සහිතය.එතරම් දරුවන් පිළිබඳ හඳුනන මොවුන් මේ පුංචි පැටවුන්ට මෙසේ වෙනස්කම් සිදු කිරීම කෙතරම් අසාධාරණද.
හයක් හතරක් නොතේරෙන පැටවුන්ට තලමින් ඒ ළමුන් කොන් කරන්න සැලසුම් සකස් කරමින් කටයුතු කරන මොවුන් සැබවින්ම ගුරුවරුද යන්න ද සැක සහිතය.