පසුගියදා මප / වත් / මැනික්හින්න විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අයිරාංගනී සෝමලතා මහත්මිය පහර දීම සම්බන්ධයෙන් එක් සිසුවෙකුගේ දෙමාපියෙක් පොලිසියේ පැමිණිලි කළ අතර අනෙක් දෙමාපියන් පාසල් ඉදිරියේ උද්ඝෝෂණයක නිරත විණි. අප ඒ පිලිබදව වාර්තා කරන ලදී, කෙසේ වෙතත් එම දරුවන්ට හෝ දෙමාපියන්ට තවමත් යුක්තිය ඉටු වී නැති බැවින් එම සිදුවීම පිලිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිලිකර තිබේ . ඒ එම පාසලේම 5 වසරේ ඉගෙනුම ලබන දරුවෙකුගේ පියෙකු විසිනි.
එම පැමිණිල්උලට අනුව උද්ඝෝෂණයට පසු දින 5 ශ්‍රේණියේ දෙමාපියන්ට රැස්වීමක් කැදවා එහිදී උද්ඝෝෂනයට සහභාගී වූ සහ සහභාගී නොවූ දෙමාපියන් දෙපැත්තකට වාඩි කරවා උද්ඝෝෂනයට සහභාගී වූ දෙමාපියන්ට අදහස් හා චෝදනා ඉදිරිපත් කිරීමට ඉඩ නොදුන් අතර අනෙකුත් දෙමාපියන්ගේ අදහස් ලබා ගන්න අතරතුරේදී ඡායාරූප හා වීඩියෝ ලබා ගත් බව ද එම පැමිණිල්ලේ සදහන්ව තිබේ. එම පැමිණිල්ලේ තව දුරටත් සදහන් වන්නේ එම රැස්වීමට විද්‍යාලයේ විදුහල්පති , නියෝජ්‍ය විදුහල්පති , පාසලේ ගුරුවරුන් තිදෙනෙක් සහ මැනික්හින්න කොට්ඨාස කාර්යාලයේ නිලධාරීනියක්ද සහභාගී වී ඇති බවයි .
එම ලිපියෙහි තව දුරටත් සදහන් කර තිබුනේ විදුහල්පතිට පක්ෂපාති දෙමාපියන් 2022.11.23 වන දින කාර්යාලයට කැදවා 7.30 – 8.00 දක්වා රැස්වීමක් පවත්වා ඇති බවත් ඔවුන්ව පොලිසියට යැවීමට විදුහල්පති විසින් සදහා පෙලඹ වූ බවත්ය . අදාළ නිලධාරීන් දැනුවත් කලද කිසිදු ක්‍රියාමාර්ගයක් මේ සම්බන්දයෙන් නොගත් බවත් එම ලිපියෙහි තව දුරටත් සදහන් වේ.
මේ ගැටළු නිසා දරුවන් මානසිකව ඇද වැටී ඇති බවත් ගුරුවරුන්ගේ වෙනස්කම් නිසා දරුවන් පාසල් යාමට මැලිකමක් දක්වන බවත්එම පැමිණිල්ලේ සදහන් වේ. එසේම එම පැමිණිල්ලේ වැඩි දුරරත් සදහන් වන්නේ තම දරුවාටද පාසල් මෙම ගුරුවරුන්ගෙන් බලපෑමක් තිබෙන බවයි.
එමෙන්ම 2023.01.12 වන දින විනෝද චාරිකාවක් යාමට නියමිතව තිබු අතර එයට උද්ඝෝෂණයට සහභාගී වූ දෙමාපියන්ගේ දරුවන් ගුරුවරුන්ගේ වෙනස්කම් හේතුවෙන් චාරිකාවට සහභාගී නොකළ බවත් එම පැමිණිල්ලේ සදහන් වේ.
එම පාසලේ ගුරුවරියන්ගේ ක්‍රියාවලිය පියවරෙන් පියවර පහතින් දැක්වේ.