තහනම් පොලිතීන් හෝමාගමින් මතුවෙයි

පොලිසිය විසින් හෝමාගම – තැලුම්පිටියාගල ප්‍රදේශයේ පොලිතින් නිෂ්පාදන කර්මාන්තශාලාවක් වටලා ඇති අතර එහි තිබී තහනම් කරන ලද පොලිතීන් කිලෝ ග්‍රෑම් 5,100ක තොගයක් සොයාගෙන ඇත.

මෙලෙස සොයාගෙන ඇත්තේ ලන්ච් ෂීට් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පොලිතීන් තොගයකි.

අදාළ වැටලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් ද එක්ව ඇති අතර දිවයින පුරා තවදුරටත් මෙවැනි වැටලීම් සිදු කිරීමට නියමිත බව ද මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිවේදනය කර ඇත.

Exit mobile version