තහනම තහනමක් කළ පලිබෝධනාශක

ග්ලයිෆොසෙට් අතුළුව පලිබෝධනාශක වර්ග 05ක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක භාවිතය සහ විකිණීම තහනම් කර නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කර ඇත.

අදාළ ගැසට් නිවේදනය 2014 වර්ෂයේ දෙසැම්බර් මස 22 වන දින එවකට පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් නිකුත් කර තිබූ අතර ගැසට් නිවේදනයට අනුව ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් නමැති පලිබෝධනාශක වර්ග 05 ප්‍රදේශ කිහිපයක භාවිතය, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම සහ විකිණීම තහනම් කර ඇත.

ඒ අනුව මෙම පලිබෝධනාශක තහනම් කරන ලද්දේ අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල යන දිස්ත්‍රික්ක තුළ සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ය.

කෙසේ නමුත් වත්මන් පලිබෝධනාශක රෙජිස්ටාර් විසින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව 1894/4 දරණ පැරණි ගැසට් නිවේදනය අවලංගු කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගෙන් කරුණු විමසන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version