ත්‍රස්ත ග්‍රහණයේ සිටින ලාංකිකයන් ගැන තීරණයක් .

ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බවත් , මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් බවත් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ .

මියන්මාර රජය සමග එක්ව කටයුතු කරමින් මීට පෙර අවස්ථාවන්හිදී වරින් වර ලාංකිකයින් 32 දෙදෙනෙකු බේරාගැනීමට හැකිවූ බවත් එම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසන්නේ මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සයිබර් අපරාධ කලාපයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පහසු කාර්යක් නොවන බවත් , නවතම තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට එම ත්‍රස්ත ග්‍රහණයේ පසුවන බවත් ය.

Exit mobile version