ත්‍රිවිධ හමුදාව ඇතුළු ඉහල රාජ්‍ය සේවයේ සැප කපයි. දුප්පත් රාජ්‍ය සේවකයාගේ බඩට ගහයි. බීරි අලින්ට වීනා වයා පලක් තිබේද?

රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණිය අකුරටම වැඩකරමින් නීතිගරුකව තම රාජකාරිය සිදුකලේ 2007 දක්වා පමණි. ඒ දක්වා එම ප්‍රධාන නිලධාරීන් කඩදාසිය පවා ආරක්ෂා කළේය. නමුත් මහින්ද රාජපක්ෂ විසින්, තමන්ට අසීමිත බලයක් ලැබෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින්, අධිකරණ විනිසුරුවරුන් පවා තමන්ට ඕනා අය පත්කරගනිමින්, සමස්ත රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියද දූෂ්‍ය කල නමුත් ඔවුන්ගේ හිත් දිනා ගැනීම උදෙසා වැටුප් වැඩි කිරීම, තීරු බදු රහිත වාහන බලපත්‍ර ආදී සියල්ලම ලබා දෙන ලදී. එසේ කරමින් සාමාන්‍ය රාජ්‍ය සේවකයා තුට්ටු දෙකට දැමු අතර, මාණ්ඩලික ශ්‍රේණියට අවශ්‍ය ලෙස දුෂණ, වංචා කිරීමට ඉඩ ලබා දෙමින් 2006 අංක 49 නමින් නව ටෙන්ඩර් කාර්‍ය පටි පාටියක්ද හදුන්වා දුන්නේය.

එම දුෂිත ක්‍රමයෙන් අවුරුදු ගණනාවක්ම මුෂපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. ඒ වියදම් පාලනය කරන ලෙසටයි. මීට පෙරද අවස්ථා ගණනාවකදීම වියදම් පාලනය කරන ලෙස දන්වා චක්‍රලේඛ නිකුත් කලත් ඇති බහුතරයක් නිලධාරින් ඒවා කනකටවත් ගත්තේ නැත. එවන් පසුබිමක් තුල පනවා තිබෙන මෙම නැව් චක්‍රලේඛය ඉතාම හොද වුවත්, සාමාන්‍ය කම්කරු පන්තියට අයත් රාජ්‍ය සේවකයන්ගේ අතිකාල වැනි දෑ කප්පාදු කිරීමෙන් ඔවුන් තව දුරටත් පිඩාවට ලක් වේ.

එහිදී අතිකාල දීමනා සීමා කිරීම, නිවාඩු දින වැටුප්, වෙනත් දිරි දීමනා සහ ගමන් වියදම් සදහා වෙන් කර ඇති ප්‍රතිපාදනද පාලනය කර තිබේ .

එසේම චක්‍රලේඛ මගින් අවසර දි ඇති ප්‍රවාහන පහසුකම්වලට අමතරව සාමාන්‍ය රාජකාරී සදහා පැමිණීමට වෙනත් ප්‍රවාහන පහසුකම් සදහා රජයේ අරමුදල් භාවිතා නොකළ යුතු බවද සදහන් වේ.

එසේම ඉන්ධන, ජලය, විදුලිය, දුරකථන සේවා, ලිපි ද්‍රවය සහ වෙනත් ගිවිසුම්ගත සේවාවන් සේවා ඇතුළු කාර්යාලීය අවශ්‍යතා සහ උපයෝගිතා වියදම් පාලනය කරගන්නා ලෙස මෙහිදී දන්වා තිබේ.

එසේම නිල වාහන හිමි නිලධාරීන්ට සහ ඒ වෙනුවට ප්‍රවාහන වියදම් දීමනාව ලබා ගන්නා නිලධාරීන්ට කිසිදු අවස්ථාවක සංචිත වාහන භාවිතා කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවද දන්වා තිබේ.

හැකි සෑම විටම මාර්ගගත ක්‍රම ඔස්සේ රැස්වීම් සහ වැඩමුළු පැවැත්වීම, පුහුණු සැසි පැවැත්වීම කල යුතු බවද, භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රජයේ අවශ්‍යතා සඳහා ගොඩනැගිලි කුලියට ගැනීමද තහනම් කර තිබෙන අතර, දේශීය අරමුදල් භාවිතයෙන් සිදුකරන නව ව්‍යාපෘති ආරම්භ නොකළ යුතු බවද පෙන්වා දී තිබේ.

එසේම කළමනාකරණ සේවා දෙපර්තමේන්තුවේ අවසරයකින් තොරව අත්‍යාවශ්‍ය තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා හෝ නව බඳවා ගැනීම්  නොකළ යුතු බවද, පාර්ලිමේන්තුව මගින් අනුමත සීමාවන් තුල අත්තිකාරම් ගිණුම් කටයුතු පවත්වාගෙන යා යුතු බවද පෙන්වා දි තිබේ.

Exit mobile version