ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ උසස් නිලධාරීන් දෙන සියලු අණ පිළිපැදීම වරදක්. (වීඩියෝ)

අප බොහෝ විට දකින්නේ ත්‍රිවිධ හමුදාවේ සහ සහ පොලිසියේ උසස් නිලධාරීන් පහල නිලධාරීන්ට නීති විරෝදී අණක් දුන්නත් එය පිළිපදින බවයි. නමුත් නීතියට පිටින් යමක් කිරීමට දෙන අණක් ඔබ පිළිපැද්දොත් නිශ්චිතවම ඔබටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම කවදා නමුත් සිදුවනු ඇත විවිධ කුමන්ත්‍රණ සිදු වුවත් නීතියට අනුව කටයුතු සිදුව තිබේ නම් ඔබට කවදා නමුත් නිදහස ලැබෙනු ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව තුල බහුල වශයෙන්ම සිදුවන්නේ තව කෙනෙක් කපාගෙන ඉදිරියට ඒමයි. පීඩාවට පත් වන නිලධාරීන් තම පීඩාව පිට කරනුයේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකරමිනි.

ජනාධිපති නීතිඥ U.R.D. සිල්වා මහතා සදහන් කරන පරිදි රඹුක්කන සිද්ධිය හිතාමතා කරන ලද මිනීමැරුමකි.
ඊට අමතරව දණහිසට පහළින් වෙඩිතිබ්බ නම් බඩවැල කඩාගෙන පැමිණීම, අතුරු සේනාවක් සෙනග අතරට රිංගලා මිනීමැරුම කිරීම මෙන්ම උසස් නිලධාරීන් දෙන ඕනෑම අණක් පිළිපදින්න පහල නිලධාරින් බැදී නැති බවද අනාවරණය විය. එම අනාවරණය සිදු වුයේ චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර් ජාල වැඩසටහනකදීය. ( වැඩසටහන පහතින් බලන්න)

එසේම අප අත් දැකීමෙන්ම දන්නා අනෙක් කරුණ නම් හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් බොහෝ දෙනෙකු නීතියට පරිබාහිරව කටයුතු කරන බවයි. නීතියට පිටින් වැඩ කරන බොහෝ නිලදාරීන් උසස්වීම් ඇතුළු බොහෝ වරප්‍රෂාද ලබන නමුත් සාධාරණ නීතියට ගරු නොකරන සියලුම නිලධාරීන් තම සේවය අවසන් කර ඉවත්ව යන තෙක්ම පීඩාවෙන් සිටින අතර තමන්ට වඩා අඩු සේවා කාලයක් පවතින නිලධාරීන් ජේෂ්ඨ තනතුරු ලබන්නේ නීතිවිරෝදී ලෙස බවවත් හිතන්නටවත් ඔවුන්ගේ මොලගෙඩි ක්‍රියාත්මක නොවේ.

Exit mobile version