ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් පොල්හේන්ගොඩ පිහිටි යුධ හමුදා පොලිස් බලකා කඳවුර පරික්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ විශේෂ කණ්ඩායමක් ඊයේ (14) කටයුතුකරන ලදී. එයට මූලිකම හේතුව වුයේ අප පලකරන ලද “යුද්ධ හමුදා නීතිය, සිවිල් නීතිය සහ පෞද්ගලික පලිගැනීම්. ජනාධිපතිගේ අවධානය පිණිසයි” යන ලිපියට ප්‍රතිචාරයක් ලෙසිනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට එම කඳවුර වෙත යාමට තිබුනේ ක්ෂණික දැනුම් දීමකින් අනතුරුව වුවත්, එම කොමිෂම ත්‍රිවිධ හමුදාවේ සියලුම සාමාජිකයන් වෙත පණිවිඩයක් දීමට සමත්විය. එනම්, තමන්ට යම් නීතිවිරෝදී කටයුත්තකට මුහුණදීමට සිදුව තිබෙන්නේ නම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ඒ වෙනුවෙන් කටයුතු කරන බව සහ පෙනී සිටිනා බවයි. කෙසේ නමුත් ඔවුන් එහි පැමිණෙන බව දැනගත් පසු එදින එහි රඳවා සිටි සියලුම හමුදා භටයන්ට හොදින් සැලකීමට හමුදා පොලිස් බලධාරීන් කටයුතුකර තිබේ. ඔවුන් ඉවත්ව ගිය පසු නැවතත් පෙර අකාරයෙන්ම කටයුතු කර තිබෙන නමුත් එහි රඳවා සිට තිබෙන හමුදා භටයන් පිලිබඳව විශේෂ වාර්තාවක් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම කැඳවා තිබේ.
අප පලකල එම ලිපියට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට අපගේ ප්‍රණාමය පලකරන අතර එය ත්‍රිවිධ හමුදාවේ සමහර දුෂිත නිලධාරීන් මෙන්ම භටයන් සිදුකරනා අකටුතුකම්වලින් එම ආයතනය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලබා දෙන ලද සුභ පණිවිඩයකි. එම දුෂිත නිලධාරීන් සහ භටයන් සිදුකරනුයේ සමස්ත ත්‍රිවිධ හමුදාවම අපකීර්තියට පත්කිරීමය.
ඒ අතර තවත් යුධ හමුදා කර්නල්වරයෙකු ද ආරක්ෂක ලේඛ්ම්වරයාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි දෙකක් යොදා තිබෙන බව මානව හිමිකම් කොමිෂමේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර තවත් යුධ හමුදා කර්නල්වරයෙකු පොලිස්පතිවරයාටත්, වින්ධිතයන් සහ සාක්ෂිකරුවන් සුරැකීමේ අධිකාරිය වෙත ද පැමිණිලිකිරීමට අවශ්‍ය නීතිඥ සහාය ලබාගෙන තිබේ. එයද සිදුවන්නේ ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පුද්ගලිකව බව අපට වාර්තා වී තිබෙන නමුත් එම කර්නල්වරුන් දෙදෙනා දෙදෙනෙක්ද, එක් අයෙක්ද යන්න තවුරුකරගැනීමට අප අපොහොසත් විය. ඒ පිලිබඳව සම්පුර්ණ වාර්තාවක් ඉදිරියේදී පලකිරීමට කටයුතුකරමින් තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම යුධ හමුදා පොලිස් කඳවුර පරික්ෂා කිරීමට හේතු වූ අදාළ ලිපිය පහතින්.
යුද්ධ හමුදා නීතිය, සිවිල් නීතිය සහ පෞද්ගලික පලිගැනීම්. ජනාධිපතිගේ අවධානය පිණිසයි
https://www.ravanalankanews.lk/%e0%b6%ba%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%