ඊයේ (17) සවස ත්රීරෝද රථයක් කොලොන්න දෙනියාය රක්වාන මාර්ගයේ ජම්බුගස්වැටිය ප්රදේශයේ දීය අඩි 700ක පමණ ප්රපාතයකට පෙරළී සිදු වූ අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
අනතුරෙන් ත්රීරෝද රථයේ ගමන් කළ තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා කොලොන්න රෝහලට ඇතලත් කල බවයි වාර්තා වන්නේ,
පොලීසිය සැක කරන්නේ මෙම අනතුරට හේතුව ලෙස දැඩි බෑවුම් සහ වංගු සහිත මෙම මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය පවසා ඇති බව සදහන් වේ.