ඊයේ (14) දිනයේදී 2023 අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි අන්තර්ගත වූ ත්‍රෛලෝක විජයපත්‍ර හෙවත් කංසා සඳහා යෝජනා වූ නීතිමය සහනය කිතුල් රා සඳහා ද ලබා දෙන ලෙස ඌව පළාත් කිතුල් කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම හාලිඇල, පස්සර, ඌව පරණගම, ලුණුගල, වියලුව, සොරණාතොට, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගම්මාන රැසක කිතුල් කර්මාන්තය ජිවනෝපාය කරගත් ජනතාවක් ජිවත් වෙති.
කෙසේ වෙතත් ත්‍රෛලෝක විජයපත්‍ර සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන තීරණය එතරම් සුභාවාදීද යන්න ගැටලුවකි.මන්ද යත් මෙරට තුළ විවිධ මත්ද්රවයන් රහසිගතව නිෂ්පාදනය කරන අතර එම නිෂ්පාදකයින්ද කංසා වලට මෙන් නීතිමය අවසරය ඉල්ලා සිටීමට පෙළඹිය හැකි බැවිනි.