ත්රිකුණාමලය ,කින්නියා,කුරුඤ්ඤංකර්නි ප්රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලිසිය සඳහන් කරන්නේ මියගිය පිරිස අතර පාසල් ළමුන් ද වන බවයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කිහිපදෙනෙක් කින්නියා රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
පොලිසිය ප්රකාශ කරන්නේ පුද්ගලයින් කිහිප දෙනෙක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් මේ වන විට නාවික කිමිඳුන්කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කිමිඳුන්කරුවන් එක්ව සිදු කරන බවයි.
අද (23) උදෑසන මෙම පාරුව පාසල් ළමුන් පිරිසක් සහ ගුරුවරුන් රැගෙන යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක් ව ඇත.