තමන් සතුව තිබූ සියලුම වාහන නැවත භාරදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ත්‍රිරෝද රථයෙන් ගමන් අරඹනු ලබයි.
හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ලිපි ලේඛ්‍ය සහ තමන් භාවිත කරන ලද වාහන නැවත භාරදීමෙන් අනතුරුව එම අමාත්‍යංශයෙන් පිටව ගොස් ඇත.
අමාත්‍යංශයෙන් පිටත්වන අවස්ථාවේ දී මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ඉවත් කිරීමට හේතුවක් දැනුවත් කර නොමැති බවත් ජනපති සතු විධායක බලතලවලට අනුව එසේ ඉවත්කිරීමේ හැකියාව පවතින බවත්ය.