ශ්‍රී ලංකා පරිගණක සමාජය පවසන පරිදි තොරතුරු තාක්ෂණවේදීන් 10000 රට හැර ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මොවුන් රට හැර යාමට තීරණය කර තිබෙන්නේ බදු පැනවීම තුලින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් බව සභාපති දමිත් හෙට්ටිහේවගේ මහතා ප්‍රකාශ කර තිබේ.ඒ ඊයේ(02) පැවති මාධ්‍ය හමුවක් කැදවූ අවස්ථාවේදී ය.