තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ඇරඹේ.

ඊයේ (9) දින සිට ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර සෘජු ගුවන්ගමන් සේවාවක් ආරම්භ කොට තිබේ.

ඒ අනුව ඊයේ (9) තායිලන්තයේ දොන් මුවාන් ගුවන් තොටුපළෙන් එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් AIQ 140 දරණ ගුවන් යානය ගමන් අරඹා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලවෙත රාත්‍රී 10.10 පමණ විට පැමිණ ඇති බව වාර්තාවේ.

එලෙස පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය 7 දෙනකු හා ගුවන් මගීන් 134 දෙනකු පැමිණ ඇති අතර නැවත ගුවන් මගීන් 174 දෙනකු රැගෙන තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව ඉදිරියේදී සැම සතියකම සදුදා, බදාදා, සිකුරාදා හා ඉරිදා යන දිනවල එම ගුවන් ගමන් ක්‍රියාත්මක වන බව සදහන්වේ.

Exit mobile version