තාරුණ්‍යයේ අදහස් වලට ගැළපෙන ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනපති කියයි

2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙන්නේ තරුණ තරුණියන්ගේ හෙට දවස වෙනුවෙන් උද්ඝෝෂණ, අරගල,වැඩවර්ජන වැනි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය අලුත් වැඩපිළිවෙලක් මඟින් තාරුණ්‍යයේ අපේක්ෂාවලට ගැළපෙන නව ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම වැදගත් බවයි.

එසේම රටක දීර්ඝකාලීන සංවර්ධනයට පදනම් වන්නේ නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවන අතර ,මෙවර අයවැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩනැංවීමේ ක්‍රියාවලිය ඇරඹෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version