QR කේතයෙන් බැහැරව ඉන්ධන අලෙවි කිරීම හේතුවෙන් පසුගිය 6 වනදා පිරවුම්හල් 40 කට තාවකාලිව ඉන්ධන අලෙවි කිරීම අත්හිටුවනු ලැබූ අතර එම ඉන්ධන පිරවුම්හල් 40 විසින් එම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම අත්හිටුවීමේ නියෝගය ඉවත් කිරීම පිළිබදව මෙතෙක් අවසන් තීරණයකට එළඹී නොමැති බව අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරයි.
නමුත් අලුත් අවුරුද්දට පෙර එම පිරවුම්හල් සදහා ඉන්ධන අලෙවියට යළි අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරන ලදී.