ලබන 15 වනදා සිට තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට නියමිතව ඇත.
ඒ අනුව සාමාන්‍ය ලිපියක් සඳහා වන රුපියල් 15 ක් වන තැපැල් ගාස්තුව රු.50ක් දක්වා ඉහළ යන බව වාර්තා වේ.
ලියාපදිංචි තැපැල් ගාස්තුව ද රු.45 සිට රු.110 දක්වා ඉහළ දමන බව සඳහන් වේ.
එමෙන්ම තැපෑල ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනයේ දී බර ග්‍රෑම් 250ක් සඳහා රු.200 දක්වා ඉහළ දැමීමට නියමිතව ඇත.
කෙසේ නමුත්, තවත් තැපැල් ගාස්තු කිහිපයක් සඳහා වන මිල පහළ දැමීමට කටයුතු කරන බවත්, එම ගාස්තු අද දිනය තුළ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තා වී ඇත.